Play Store එකෙන් කෙලින්ම PC එකට App Download කරගන්න

Download APK files From Google Play Store To PC | Real APK Leecher

ඔන්න අද කියල දෙන්න යන්නේ පට්ටම සින් එකක්..හැබැයි දැනටත් මේ විදිහට ගොඩක් දෙනෙක් මේ වැඩේ කරනවා නමුත් ඉතින් මෙය හුදෙක්ම නොදන්නා අය සදහා පමණයි ;)

ගොඩක් යාළුවො ඉන්නවා Android ෆෝන් එකට එක එක Custom Rom දාන අය,ඒ වගේම Data අඩුවෙන් භාවිතා කරන අය, ඉතින් ඒ අයට හොද news එකක් තමයි අද ගෙනාවේ.

හැමෝම දන්නවනේ ඉතින් Google store එකෙන් App ඉන්ස්ටෝල් කරන්නේ කොහොමද කියල.ඉතින් ෆෝන් එකට custom රොමක් ගැහුවොත් හරි වෙන මොනවා උනොත් හරි අයෙත් අර පරණ App ටික ඉන්ස්ටෝල් කරගන්න වෙනවා.(Backup එකක් නැතිනම්)

මුලින්ම කියන්න ඕන මේක වැඩ කරන්නේ Free Apps සදහා පමණයි

හරි එහෙනම් වැඩේට බහිමු.මුලින්ම මේ 2ක බාගෙන ඉන්න

1. Download Device ID : (මේ app එක ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගන්න.)

2. Download Real APK Leecher : (මේ ZIP file එක බාගෙන කැමති තැනකට Extract කරගන්න)

*කරුණාකර මෙය කිරිමට පෙර පහතින් ඇති වීඩියෝව හොදින් නරඹන්න*
මුලික පියවර :

1.Software කෑල්ල open කරගන්න

2.එවිට මතුව window එකේ නිවැරදිව (ඉතා වැදගත්) ඔබ Google Play Store ව භාවිතා කරන E-mail ලිපිනය හා එම E-mail ලිපිනයේ password එක ලබාදෙන්න.

3.Device ID එක ලබාදෙන්න (Device ID එක හොයාගන්න ආකාරය පහතින් දක්වා ඇත)

4.Download Location එක දෙන්න. ඉන්පසු Save කරන්න.

5.දකුණු පස ඉහල කෙලවරේ ඇති Search bar එකේ උවමනා app එක සදහන් කොට Search කරන්න.

6.Results ආපසු මුලින්ම අවශ්‍ය app එක Select කරන්න(using left mouse button)

7.ඉන්පසු එය මත Right click කර "Download this app" click කරන්න.

8.බාගත කිරිඉම අවසන් වූ පසු APK file එක ලබාගැනීමට මුලින් ඔබ Download Location එක දිපු තැන බලන්න.

වැදගත් :

ඔබ ලබාදී ඇති Google Play Store ව භාවිතා කරන E-mail ලිපිනය, එම E-mail ලිපිනයේ password එක හා Device ID එක වැරදිනම් මෙය නිසි පරිදි ක්‍රියාත්මක නොවේ.

Search කල විට Free සහ මුදල් ගෙවිය යුතු app දෙවර්ගයම දිස්වන අතර Download කරගත් හැක්කේ එය Free app එකක් නම් පමණයි.


*Android Device ID එක fill කරන්න. " අප්පටසිරි මොකක්ද යකෝ ඒක" හේ හේ බය වෙන්න එපා.දැන් open කරගන්න අර කලින් ෆෝන් එකට ඉන්ස්ටෝල් කරගත්තු Device ID APP එක. 
හරි දැන් පේනවා ඇතිනේ ඒ app එක open උනහම උඩින්ම තියන Device ID කියන එක.අන්න එක හොදට බල බල අර soft එකේ ටයිප් කරන්නයි තියෙන්නේ.
මෙන්න මේකට මම පොඩි වීඩියෝ කැල්ලකුත් හැදුවා.එක පාරක් බැලුවනම් ටක් ගාල වැඩේ අහුවෙනවා.

යාලුවනේ වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
සියලු දෙනාටම සුභ දවසක්..!!!    පහලින් share පාරකුත් දාගෙනම යන්න!!
Tags: Android Apps, Android Market, android utility, apk downloader, apk leecher, app download, App Store, Apps, Download,Google, Google Play, How To, How To: Download apps from Google Play directly to your PC, PC, Play Store, real apk leecher,software, utility, windows utility,erandazone,erandazone.blogspot.com

1 comments:

Join us on Facebook

Please wait..10 Seconds Close