Feedly හැමතැනම තියන දේවල් එකම තැනකින් බලන්න

ඔන්න යාලුවනේ අදත් ගෙනාව පට්ටම බාන්ඩයක්.මේක ඇවිල්ල RSS Reader එකක්.RSS කියනේ මොකක්ද කියල දන්නේ නැද්ද?? අහ්හ් බය වෙන්න එපා එම මෙතනට වැදගත් වෙන්නෑ.සරලවම කිව්වොත් මේකෙන් පුළුවන් මේ වගේ බ්ලොග් සයිට් ෆෝරම් වගේ එවල පලවෙන ලිපි ඔක්කොම මේක හරහා ඉතා ඉක්මනින්ම බලාගන්න.තවත් කිව්වොත් ඔයාලා හැමදාම බලන,කියවන සයිට් ටික එකම තැනකින් බලාගන්න පුළුවන්.

කතා ඇති වැඩට බහිමු.වැඩේ පටන් ගන්න කලින් පහලින් Feedly ඔයාගේ ෆෝන් එකට install කරගෙන ඉන්න.

Google Play Store Rating : 4.5
Size : 7.MB
Last Update : 2014 ජනවාරි 26 
Requires Android : 2.2 සිට ඉහලට
Version : 18.1.2


පහලින් Feedly Install කරගන්න

නැත්තම් පහලින් බාගන්න(Direct Download-version 14.1)

හරි දැන් මේක බාගත්තු කට්ටිය install කරලා App එක Open කරගන්නකො......

1.App එක Open කරගත්තට පස්සේ වම් පැත්තේ උඩින් ඇති menu Icon එකක් එක click කරලා menu එක අරගෙන Sign in with Google+ එක select කරන්න.ඇත්තටම ඊට යටින් තියන option එකෙනුත් පුළුවන් මේ වැඩේ කරගන්න.

2.හරි ඊලගට sign in උනාට පස්සේ අයෙත් අර කලින් ගිය menu එකට යන්න එතකොට පහලින් වගේ පෙනේවි.එතනින් Add Content තෝරන්න.

3.ඊලගට කරන්න තියෙන්නේ පහල වගේ තියන Search bar එකේ ඔයාලට Add කරගන්න ඕන සයිට් එකේ නම හරියට ගහල Search කරන එක.

4.එතකොට ඔයාට එනවා ඔය Search කරපු සයිට් එක.ඒ Result එක ඉස්සරහින් තියනවා පුංචි "+" ලකුණක්.ඒ සයිට් එක Add කරගන්න ඕන නම් ඒ "+" ලකුණ මත touch කල යුතුයි.

5.ඊටපස්සේ ඔයාට පුළුවන් අලුතෙන් Category එකක් හදලා ඔයා තෝරපු සයිට් එක ඒ ගොඩට දාන්න හෝ..

6.නිකම්ම Uncategorized ගොඩට දාලා Add කරගන්න.

ඔන්න දැන් වැඩේ හරි.ඔය විදිහට ඔයාලට පුළුවන් ඔයාල හැමදාම කියවන,බලන සයිට් මේකට Add කරලා තියාගන්න.එතකොට අයේ සයිට් වල නම් ගගහ,bookmarks පීරපීර ඉන්න ඕන වෙන්නේ නෑ.

Play Store එකේ තවත් සුපිරි Rss Readers තියනවා.ඒවත් ලගදීම දෙන්නන්කෝ...

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!
Tags:Feedly,Rss reader for android

2 comments:

  1. මේකේ සිංහල පේනවද ?

    අපිත් එක්කත් එකතු වෙන්න http://www.sinhalahelp.com

    ReplyDelete
    Replies
    1. @Suneth Dananjaya - ඔවු ඔයා root කරලා සිංහල දාල තියනවනම් හොදටම වැඩ සහෝ..

      Delete

Join us on Facebook

Please wait..10 Seconds Close