Ad Away කරදරකාර දැන්වීම් එපා වෙලාද?

ඔන්න මාර්තු මාසෙට දාන්න යන පලවෙනි Post එක.අද ගෙනාවේ Android ෆෝන් use කරන ඔයාලට පට්ටම වැදගත් App එකක් අරගෙන.මේකට කියන්නේ Ad Away.Ad Away කියන්නේ Open Source Ad බ්ලොක් කරන App එකක්..මේක මෙහෙම කරන්නේ host ෆයිල් යොදාගෙන.


ඒ උනත් 2013 මාර්තු 14 හරියටම අදට අවුරුද්දකට කලින් මේක Google Play Store එකෙන් ඉවත් කරා.


*මෙය භාවිතා කිරිම සදහා ඔබේ Device එක Root කර තිබිය යුතුයි.

හරි එහෙනම් මුලින්ම මේ Ad Away App එක පහලින් බාගෙන Install කරගන්න. 

හරි එහෙනම් දැන් install කරගත්තු App එක open කරගන්න.එතකොට Root Permission එක අහනවා.එකට Grant දෙන්න.
ඊලගට Main window එකට එනවා.එතනින් "Download files and apply ad blocking" ක්ලික් කරන්න.
මේක කරන්න කලින් ඔයාගේ Device එකේ Data හෝ wifi On කරලා තියෙන්නෙත් ඕනේ.මොකද අර Hosts file නෙට් එකෙන් තමා Download කරගෙන Install කරන්නේ.(මෙගා බයිටක් වත් යන්නෑ ඔය වැඩේට)

හරි දැන් වැඩේ හරි.Host එක Download වෙලා Applyත් උනාට පස්සේ අහනවා Device එක Reboot කරන්නද කියලා.මම නම් ඉතින් ඒක No කරලා නිකන් හිටියා..

දැන් ඉතින් කරදරකාර Ad වලින් බේරිලා ඉන්න පුළුවන්.

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියලු දෙනාටම සුභ දවසක්..!!!

Tags:ad way, ad blocker for android, free ad blocker,adsfree

2 comments:

  1. හොය හොයා හිටියේ එල්ස් මචෝ (y)

    ReplyDelete

Join us on Facebook

Please wait..10 Seconds Close