Xiaomi MI-3 Android ජංගම දුරකථනය ගැන

Xiaomi MI-3 දුරකථනය 2013 ඔක්තෝබර් මස 14 දින වෙළදපලට පැමිණි අතර Xiaomi ජංගම දුරකථන නිෂ්පාදනය කරන්නේ චීනයේ Xiaomi සමාගමයි .මෙම ජංගම දුරකථනය චීනයේ ඉතා සීග්‍රයෙන්  ජනප්‍රිය වෙමින් පවතී.මෙම දුරකතනයේ චීනයේ නිෂ්පාදනය කරන ජංගම දුරකතනයක් වුවද අපි දන්නා චීන දුරකථන වගේ නම් නෙමේ.මෙය ඉතාමත් උසස් ගනයේ දෘඪාංග වලින් සමන්විත වන අතරම ඉතාමත් දැකුම්කලු නිමාවකින් නිමවා තිබේ.




IPS LCD capacitive touchscreen එකකින් සමන්විත වන මෙය  1080 x 1920 pixels, 5.0 inches (~441 ppi pixel density) සහිත තිරයකින් සමන්විතයි.

2G , 3G  යන දෙකම ඇතිමුත් LTE (4G) පහසුකම නැති එකනම් අඩුපාඩුවකි.තවද මෙහි අභ්‍යන්තර මතකය 16/64 පැමිණෙන අතර පිටතින් Micro Sd card සම්බන්ධ කල නොහැක.Ram මතක 2GB වන අතර මෙහි 
Chipset එක Qualcomm MSM8974AB Snapdragon 800 යන නවතම මාදිලිය එක කර තිබීම විශේෂත්වයකි. 





මෙහි processor ය Quad-core 2.3 GHz Krait 400 වන අතර GPU එක Adreno 330 වේ.ඒ වගේම මෙහි ඇති මෙහෙයුම් පද්දතිය Android වන අතර v4.2.1 (Jelly Bean) දාවනය වේ.

මෙම දුරකතනයේ කැමරාව 13MP(4128 x 3096 pixels) වන අතර 

  • Auto focus
  • Dual-LED flash  
  • Geo-tagging
  • Touch focus
  • Face and smile detection 
  • Image stabilization
  • HDR                       යන පහසුකම් රාශියකින් සමන්විත වනවා.
ඒ වගේම මෙහි වීඩියෝ රෙකෝඩින් 1080p@30fps  HDR වන අතර ඉදිරිපස කැමරාව 2 MP( 1080p@30fps) වනවා.

මෙහි intro වීඩියෝ එකක් පහලින් බලන්න



මෙහි වැඩිදුර විස්තර බලාගන්න ඕනනම් මෙතනින් ගිහිල්ල බලාගන්නත් පුළුවන්.

එහෙනම් යාලුවනේ අදට මම ගිහින් එන්නම් .වැඩේ හොද නම් පහලින් අදහසකුත් දාගෙනම යන්න!
ඒ වගේම අපේ Facebook page එකටත් Like එකක් දාගෙනම යන්න..
එහෙනම් සියල්ලු දෙනාටම සුභ දවසක්..!!!
Xiaomi MI-3,Xiaomi mobile phone,Android

0 comments:

Post a Comment

Join us on Facebook

Please wait..10 Seconds Close